Skip to content
Human Rights Measurement InitiativeHuman Rights Measurement Initiative
  • සිංහල
    • English
    • Français
    • Español
    • Português
    • Русский
    • 简体中文
    • العربية
    • हिन्दी
    • 한국어
    • বাংলাদেশ
    • ไทย
    • Tiếng Việt
    • 繁體中文
    • Bahasa Indonesia
    • தமிழ்
  • Use our dataExpand
    • Go to the Rights Tracker
  • See our impact
  • Get involved
  • About HRMIExpand
    • The team

  • සිංහල
    • English
    • Français
    • Español
    • Português
    • Русский
    • 简体中文
    • العربية
    • हिन्दी
    • 한국어
    • বাংলাদেশ
    • ไทย
    • Tiếng Việt
    • 繁體中文
    • Bahasa Indonesia
    • தமிழ்

Human Rights Measurement InitiativeHuman Rights Measurement Initiative

අධි අවදානම් සහිත රටවල ආරක්ෂිතව දත්ත රැස් කිරීම

  • English
  • Français
  • Español
  • Português
  • Русский
  • 简体中文
  • العربية
  • हिन्दी
  • 한국어
  • বাংলাদেশ
  • ไทย
  • Tiếng Việt
  • 繁體中文
  • Bahasa Indonesia
  • தமிழ்
  • සිංහල

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ මාධ්‍යවේදීන් නිරන්තරයෙන් ඔවුන්ගේ රජයන්ගෙන් පීඩා විඳීමේ අවදානමකට ලක්වීම අභාග්‍යසම්පන්න යථාර්ථයකි.

අපගේ දත්ත රැස් කිරීමට සහභාගී වන, ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන, නිර්භීත පුද්ගලයින් වන්නේ බොහෝ විට රට තුළම සිටින මානව හිමිකම් විශේෂඥයින් වන බැවින්, ඔවුන්ගේ අනන්‍යතා ආරක්ෂා කර ගැනීම සහ HRMI හි දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීම හේතුවෙන් ඔවුන් කිසියම් අමතර අනතුරකට භාජනය වීමේ අවස්ථාව අවම කර ගැනීම අපට වැදගත් වේ.

ඔබේ රට තුළ අපගේ දත්ත රැස් කිරීමට සහභාගී වීමට ඔබ අදහස් කරගෙන සිටින්නේ නම්, ඔබේ ආරක්ෂාව අප ඉතා වැදගත් කොට සලකන බව ඔබ විසින් දැන ගත යුතු ය.

අපගේ දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස HRMI විසින් සංවේදී තොරතුරු වර්ග දෙකක් රැස් කරන අතර, මෙම තොරතුරු සුරක්ෂිතව එක් කර ගබඩා කිරීමට අප විසින් පැහැදිලි ක්‍රියාවලියක් සකස් කර ඇත.

අපි ඔබේ අනන්‍යතා තොරතුරු ආරක්ෂිතව ගබඩා කරන්නෙමු


මෙම පළමු වර්ගයේ සංවේදී තොරතුරු වන්නේ විභව සමීක්ෂණ ප්‍රතිචාර දක්වන්නන්ගේ නම් සහ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු ය. අපි මෙය SSL සහතිකයක් සහිත සහ https මඟින් සුරක්ෂිත කර ඇති වෙබ් අඩවියක සබැඳි පෝරමයක් හරහා එක් රැස් කරමු. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මාර්ගගතව සංචලනය වන විට නම් සහ සම්බන්ධතා තොරතුරු ගුප්ත කේතනය කර ඇති බවයි.

මෙම ගුප්ත කේතිත තොරතුරු අපගේ සේවාලාභී සම්බන්ධතා කළමනාකරණ (CRM) මෘදුකාංගයට යවනු ලැබේ. මෙම CRM මෘදුකාංගය ඉහළම ISO ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුව සහතික කර ඇත. මෙමඟින් සියලුම තොරතුරු ග්‍රහණය කර ගැනීම, කළමනාකරණය කිරීම සහ රඳවා තබා ගැනීම ගුප්ත කේතිත ආකාරයෙන් සිදුවන බවට සහතික කෙරේ. මෙම තොරතුරු වෙත ප්‍රවේශ වීම නවසීලන්තයේ පිහිටි HRMI කාර්ය මණ්ඩලයේ කුඩා කණ්ඩායමකට සීමා කර ඇති අතර, මාර්ගගත සමීක්ෂණයට සබැඳි යැවීමට පමණක් එම තොරතුරු භාවිත වේ.

අපි ඔබේ විශේෂඥ සමීක්ෂණ ප්‍රතිචාර නිර්නාමික කරන්නෙමු


අප රැස් කරන දෙවන වර්ගයේ සංවේදී තොරතුරු වන්නේ අපගේ විශේෂඥ සමීක්ෂණයට ලැබෙන ප්‍රතිචාරයි. මෙම තොරතුරු SSL සහතිකයක් සහිත මාර්ගගත මෘදුකාංග හරහා එක් රැස් කර https මඟින් නැවතත් සුරක්ෂිත කරනු ලැබේ. එමඟින් සමීක්ෂණය හරහා ඉදිරිපත් කරන ලද සියලුම තොරතුරු ගුප්ත කේතනය කරනු ලැබේ.

එක් එක් ප්‍රතිචාර කට්ටලය පැමිණ ඇත්තේ කාගෙන්දැයි අප හෝ වෙනත් කිසිවෙකු නොදනී.

එක් එක් ප්‍රතිචාර කට්ටලය පැමිණ ඇත්තේ කාගෙන්දැයි අපි හෝ වෙනත් කිසිවෙකු නොදන්නා අතර, ඒවා සාමාන්‍ය මාත්‍රිකවලට සාරාංශ කර අපගේ වෙබ් අඩවියේ පළ කිරීමට පෙර මෙම ප්‍රතිචාරවලින් වඩාත් සංවේදී තොරතුරු ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද අපට ඇත.

අපි නිතිපතා ආරක්ෂණ විගණන සිදු කරන්නෙමු


සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන්ගේ ආරක්ෂාවට සහ අපගේ කීර්තියට අවදානමක් විය හැකි තර්ජන, ආරක්ෂාව උල්ලංඝනය වීම් සහ සයිබර් ප්‍රහාරවලින් ඈත්ව සිටීම අපි ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නෙමු. අපගේ පද්ධති නිසි ලෙස පවත්වා ගෙන යාමටත්, අප මනා පරිචයකට අනුගතව කටයුතු කරන බවටත් සහතික කරනු පිණිස අපි තෙවන පාර්ශ්වීය කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කර ගන්නෙමු. අප ආරක්‍ෂාව බැරෑරුම් කොට සලකන අතර, විධිමත් විගණන සිදු කරන අතරවාරයේම, අපගේ මුරපද ආරක්‍ෂක පිළිවෙත් වැනි දේවල් පරීක්‍ෂා කිරීමට සහ මෙය කෙතරම් වැදගත් දැයි සියලු දෙනාම දන්නා බවට වග බලා ගැනීමට අපි නිතිපතා කණ්ඩායම් රැස්වීම් පවත් වන්නෙමු.

අපගේ ප්‍රතිචාර දක්වන්නන්ට ඇති අවදානම් මොනවාද?


සමස්තයක් වශයෙන්, ප්‍රතිචාර දක්වන්නන්ට ඇති විශාලම අවදානම වනුයේ යමෙකු අනවසරයෙන් ඔබේ විද්‍යුත් තැපෑලට ඇතුළු වී ඔබට HRMI වෙතින් සමීක්ෂණ සබැඳියක් ලැබී ඇති බව දැකීමයි. එවිට ඔබ අපගේ මානව හිමිකම් මාත්‍රික සඳහා දායක වන බව ප්‍රතිපක්ෂ රජයකට දැන ගත හැකිය.

මාර්ගගත ආ‍වේක්ෂණවලින් (online surveillance) ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් කිහිපයක්


මෙම අවදානම ගැන සැලකිලිමත් වන විභව සමීක්ෂණ ප්‍රතිචාර දක්වන්නන්ට සහය වීමට, ඔබේ මාර්ගගත ක්‍රියාකාරකම් සැඟවිය හැකි ආකාරය පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දක්වා ඇත.

ඔබගේ IP ලිපිනය සඟවන්න

ඔබේ මාර්ගගත ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම සඳහා ඔබේ IP ලිපිනය (ඔබේ පරිගණකයට හෝ දුරකථනයට අනන්‍ය අන්තර්ජාල ලිපිනය) සැඟවීමට ක්‍රම දෙකක් තිබේ:

  • VPN (අතථ්‍ය පෞද්ගලික ජාල)

VPN මඟින් ඔබට ඔබේ පුද්ගලික IP ලිපිනයට වඩා වෙනස් පොදු IP ලිපිනයක් ලබා දෙනු ලැබේ.

ඔබේ බ්‍රවුසරය හරහා ධාවනය වන ප්‍රවාහය පමණක් නොව, ඔබේ සම්පූර්ණ උපාංගයම ආරක්ෂා කරන ආකාරයෙන් VPN සැකසිය හැක, එනම් ඔබේ උපාංගයේ ඇති අන්තර්ජාලය භාවිත කරන අනෙකුත් වැඩසටහන්ද (ඩෙස්ක්ටොප් විද්‍යුත් තැපැල් සේවාලාභීන් වැනි) VPN මඟින් ආරක්ෂා කරනු ඇත. ඇතැම් VPN භාවිත කිරීම ද අවදානම් සහිතයි.

• නොමිලේ ලබා ගත හැකි විකල්ප කිහිපයක්: Proton VPN, TunnelBear (500MB ට සීමා වේ), Hideme (10GB ට සීමා වේ).
• මුදල් ගෙවා ලබා ගත හැකි විකල්ප කිහිපයක්: Express VPN, NordVPN, Surfshark.

ඇතැම් රටවල් VPN භාවිතය දැඩි සේ විවේචනයට ලක් කරන අතර සමහර අවස්ථාවලදී, VPN නීති විරෝධී බවට පත් කරමින් ඒවා බාගත කිරීම අපහසු කිරීමට උත්සාහ කරන බව මෙහිදී සඳහන් කිරීම වටී.

ඔබට මෙතැනින් සහ මෙතැනින් විවිධ VPN සසඳා බැලිය හැක.

  • Tor බ්‍රවුසරය

Tor බ්‍රවුසරය යනු ඔබේ පරිගණකයට නොමිලේ බාගත කළ හැකි වැඩසටහනකි.

ඒ හරහා ඔබට Tor මෘදුකාංගය භාවිත කිරීමට ඉඩ සැලසේ, ස්වේච්ඡා සේවකයින් විසින් මෙහෙයවනු ලබන ලෝක ව්‍යාප්ත ප්‍රතියෝජක ජාලයක් වටා ඔබේ සන්නිවේදන පොළා පැනවීමෙන් අන්තර්ජාල ක්‍රියාකාරකම් ආපසු ඔබ වෙත අනුරේඛනය කිරීම එමඟින් අපහසු කරවයි.

පෞද්ගලික WiFi භාවිත කරන්න

පොදු ස්ථානවල WiFi භාවිත කිරීම අවදානම් සහිතයි, උදා: පහතින් සබැඳි මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ලිපියේ විස්තර කර ඇත. ඔබට හොඳ ජංගම දුරකථන සැලැස්මක් (ඔබේ රට තුළ ඊට අවසර ඇත්නම් සාක්කු WiFi සබඳතාවක්) තිබේ නම්, ආරක්ෂිත විකල්පයක් වන්නේ, ලැප්ටොප් පරිගණකයට හෝ වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමට ඔබේ ජංගම දුරකථනයෙන් hot spot සබඳතාවක් නිර්මාණය කර ගැනීමයි. ශක්තිමත් මුරපදයක් සක්‍රීය කිරීමට වග බලා ගන්න, එවිට ඔබේ අවසරයකින් තොරව කිසිවෙකුට ඔබේ දත්ත භාවිත කළ නොහැකි අතර, ඔබ වැඩ නිම කළ පසු hot spot අක්‍රීය කිරීමට මතක තබා ගන්න.

බුද්ධිමත්ව සොයන්න

ඔබ අන්තර්ජාලය භාවිත කරන විට, බොහෝ බ්‍රවුසර (Chrome, Safari, Firefox, Explorer සහ වෙනත්) ඔබ සොයන්නේ කුමක්ද සහ ඔබ පිවිසෙන්නේ අන්තර්ජාලයේ කොතැනටද යන්න පිළිබඳ අවධානයෙන් පසුවෙයි.

ඔබ යම් සංවේදී කටයුත්තක නියැලෙන විට, ඔබේ බ්‍රවුසරය ‘පෞද්ගලික’ (private) හෝ ‘අප්‍රකට’ (incognito) ආකාරයට සකසා ගන්න, එමෙන්ම ඔබේ තොරතුරු ලොග් නොකරන හෝ ඔබේ බ්‍රවුසර ඉතිහාසය රඳවා නොගන්නා (DuckDuckGo වැනි) ආරක්ෂිත සෙවුම්කරයක් (search engine) භාවිත කරන්න.

තවත් උපදෙසක් වන්නේ ඔබ අන්තර්ජාලයේ සැරිසැරීම අවසන් වූ විට ඔබේ බ්‍රවුසරයෙන් ‘කුකීස්’ මකා දැමූ බවට වග බලා ගැනීමයි. කුකීස් යනු විවිධ වෙබ් අඩවි සමග අන්තර්ක්‍රියා පිළිබඳ තොරතුරු අඩංගු ඔබේ වෙබ් බ්‍රවුසරයේ ගබඩා කර ඇති කුඩා පෙළ ගොනු වේ. සෑම බ්‍රවුසරයකටම කුකීස් ඉවත් කිරීමට විවිධ ක්‍රම ඇති අතර ඒවා ඔබට පහසුවෙන් අන්තර්ජාලයෙන් සොයා ගත හැක (‘clear cookies Safari’ හෝ ඒ හා සමාන දෙයක් සොයන්න). Chrome සඳහා උපදෙස් මෙහි ඇත.

ගුප්ත කේතනය සහිත ආරක්ෂිත විද්‍යුත් තැපැල් භාවිත කරන්න

HRMI හි අප සමඟ කතා කිරීමට වෙනම, ආරක්ෂිත විද්‍යුත් තැපැල් ගිණුමක් භාවිත කිරීම ද ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට හොඳ ක්‍රමයකි.

මේ සඳහා ProtonMail වැනි බොහෝ සේවාවන් තිබේ. මෙම සේවා භාවිත කිරීමට පෙර ඔබගේ බ්‍රවුසරය ‘private’ (ඉහත බලන්න) ලෙස සකසා තිබීම වඩාත් සුදුසු ය. මේවා සැකසීමේදී පෞද්ගලික තොරතුරු භාවිත කිරීමෙන් වළකින්න.

පොදු යහපත් ක්‍රම වේද

ඔබේ උපාංග හොඳ සයිබර් ස්වස්ථතාවෙන් යුත් බවට වග බලා ගන්න (පරිගණක සහ දුරකථනය යන දෙකම)

හොඳ සයිබර් ස්වස්ථතාවකින් නඩත්තු කර ඇති විශ්වසනීය උපාංග පමණක් භාවිත කරන්න. ඔබ ඔබේ මෙහෙයුම් පද්ධති සහ යෙදුම්වල නවතම අනුවාද ධාවනය කර යාවත්කාලීන කරන බවට වග බලා ගන්න.

යහපත් සම්මත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න

ඔබ කාමරයෙන් පිටවන සැම විටම ඔබේ තිරය අගුළු දමන්න. යාවත්කාලීන ලබා ගත හැකි වහාම ඔබේ මෘදුකාංග සහ යෙදුම් යාවත්කාලීන කරන්න. ඔබේ තොරතුරු අහම්බෙන් වෙනත් අයෙකුට අනාවරණය වීමේ අවස්ථාව අවම කිරීම සඳහා යෙදුම් වසා දැමීමේ සහ ඉවත් වීමේ (log off) පුරුද්ද ඇති කර ගන්න.

‘එබිකම් කරන්නන්’ (shoulder-surfers) මඟ හරින්න

‘එබිකම් කරන්නන්’ (shoulder-surfer) යනු ඔබ වැඩ කරන අතරතුර තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ පරිගණක තිරය දෙස බලා සිටින අයෙකි. ඔබේ තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට, ඔබට බිත්තියකට පිටුපා අසුන් ගත හැක, නැතහොත් ඔබේ තිරය විභව එබිකම් කරන්නන්ගෙන් ඉවතට හරවා ගත හැක.

ප්‍රති-වෛරස ආරක්ෂණ භාවිත කරන්න

ඔබගේ උපාංගයේ ප්‍රති-වෛරස මෘදුකාංග ස්ථාපනය කර ඇති බවට වග බලා ගන්න.

බහු-සාධක සත්‍යාපනය සහ මුරපද කළමනාකරුවන් භාවිත කිරීම

ඔබේ තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට තවත් ක්‍රම දෙකක් පහත දැක්වේ:

  • බහු-සාධක සත්‍යාපනය. මෙහිදීී ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම වැනි සේවාවක් විසින් ඔබෙන් මුරපදයක් ඉල්ලා සිටින අතරම, ඔබේ දුරකථනයට හෝ ඔබේ සත්‍යාපන යෙදුමට වෙනම කේතයක් ද යවනු ලැබේ. අපි SMS/පෙළ පදනම් වූ බහු සාධක සත්‍යාපනය හරහා FreeOTP, Google Authenticator හෝ LastPass Authenticator වැනි සුහුරු දුරකථන සත්‍යාපන යෙදුම් නිර්දේශ කරන්නෙමු. ඔබ ඔබගේ ගිණුම සකසන අවස්ථාවේදීම මෙම ක්‍රමය සබල කිරීමට අවශ්‍ය දැයි බොහෝ සේවා ඔබෙන් අසනු ඇත. මෙහිදී අපේ උපදෙස වන්නේ ඔබට මෙම විකල්පය ලැබෙන අවස්ථාවලදී එම විශේෂාංගය තෝරා ගත යුතු බවයි.
  • මුරපද කළමනාකරුවන් නිසා ඔබට මුරපද මතක තබා ගැනීමකින් තොරව සංකීර්ණ මුරපද භාවිත කළ හැක.

අපගේ ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර මෙතැන ක්ලික් කරන්න. ඉදිරිපෙළ ආරක්ෂකයින් (Front Line Defenders) මඟින් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම විශිෂ්ට සාරාංශයක් ද සපයනු ලැබේ.

ඔබට වෙනත් ආරක්ෂක ප්‍රශ්න හෝ ගැටලු තිබේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

Twitter Facebook YouTube Linkedin
Go to the Rights Tracker

HRMI Privacy Policy

Web site content © HRMI. Unless otherwise noted, all content is licensed under a Creative Commons Attribution-Non Commercial 4.0 International license.

We'd like to store cookies and usage data to improve your experience.

For any website to function, it is necessary to collect a small amount of user data, so by continuing to use this website, you are consenting to that. To find out more, please read our Privacy Policy

Functional Always active
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
Preferences
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistics
The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
Marketing
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
Manage options Manage services Manage {vendor_count} vendors Read more about these purposes
View preferences
{title} {title} {title}
  • Use our data
    • Go to the Rights Tracker
  • See our impact
  • Get involved
  • About HRMI
    • The team
Search